Monday, October 1, 2012




රෑ සිහිනෙන් මගේ ලෝකෙට
නුඹ අවිදිනි රෑ පුරා...

හීනවලින් මගේ ලෝකය
නුඹ අරගෙන ගියා......

සැබැ නොවන හීනය වී
සිටියත් මගේ හද පුරා.....

සදා මගේ හිතින් පතන
මගේ හීනය නුඹ වෙලා.........







Wednesday, September 26, 2012

සද.... හිරු.... තරු...



සදවතිය වෙයි කියා සිතුවා
රැ අහස් කුස එලිය විහිදන.....
බලා උන්නා තනි තරුව සේ
සද රැස් දහරින් දිලෙන්නට....
සදවතිය බැස ගියා නොකියා
හිරුකුමරුට සෙනෙහස පුදා.......
නොදැන සිටි බැවිනි පෙම්කලේ
සදවතිය හිමි හිරු හට කියා......









Saturday, July 21, 2012

සත්තමයි සද
නුඹ වගේමයි..
රැයේ පායා අරුණෙ
බැස යන..


විටෙකමා ලගට ඇවිදින්
හදේ ලැතැවුල් සනසවාලන..
සැනෙන් පැනගොස් මගේ ලෝකෙන්
තනිකරයි මා ම‍වා සෝ ගිනි...





Saturday, June 23, 2012

හිත පාරවා..........

හිත පාරවා...
නුඹ දුරගියා
නෙත කදුලැලි දරා...
හිත ලැතැවුනා
ඒ පැතු පැතුම්
අද බොද වෙලා....
මා හිත හොරෙන්
නුඹ ගෙන ගියා...






Wednesday, June 13, 2012

මිරිගුව....

දිගන්තයයි නුඹ
නෙතු මානයට ලංවුවද
කෂිතිජයයි නුඹ
කිසි දිනෙක ලංවිය නොහැකි
මිරිගුවයි නුඹ
මා සිත විඩා පත්කරන
මගේ සිහින මලයි නුඹ
අන් සතු අරණක පිපුන...





Tuesday, June 12, 2012

අපේ ඒ අතීතය.....

විටක සිහිනයකි මුව අගින් ගලා යන.
විටක කදුලකි නෙතු අගින් කඩා හැලෙන.
විටක සුසුමකි හද ලැතැවුල් මවන.
විටක සිහිනෙකි රෑ පුරා සිත සනහන
අමතක කලත් අමතක නොවන
අපේ ඒ අතීතය.....