story

 පාපොච්චාරණය.

ඊයේ රෑ සිට ඇද හැලුන මහ වැස්සට විරාමයක් ලැබී ඇත.ඇද මත සිටම ජනේලය හැර බැලු සේපාල එක වරම දුටුවේ මහ වැස්සෙන් හෙම්බත්වී සිටින පොල් ගස් මණ්ඩියයි.වැසි දිය පහරට ඔරොත්තු නොදුන් නිසාදෝ අතු බිමට නැමි මැලවී ගෙස් ඇත.වැහි බීරම තවමත් පහව ගොස් නැත.වෙල්යාය දෙසින් හමා ආ සීත සුලන් පොදක් ජනෙල් කවුලු පියන් අතරින් සේපාල හබා ආවේය. වෙනදා මේ සීත සුලන් පොද ඔහු පිලිගත්තේ කොතරම් සෙනෙහසකින්ද.අද සේපාලට දැනුනේ එය තමා වටකරගැනීමට පැමිනි තවත් එක් සතුරෙක් ලෙසය.


හූම්.....................

ජනෙල් පලුව නැවත වසා දැමු ඔහු නැවත සයනයට වැටුනි.නින්ද ඊයේ රෑ තිස්සේම ඔහු සොයා ආවෙ නැත.ඇස් පියවීගියද සිත ඔහුට නිදාගන්නට ඉඩ දුන්නේ නැත.අතීතය සිතුවම් පෙලක් මෙන් ඔහුගේ සිත වෙලාගෙන ඇත.කරන්නට වැඩ ගොඩගැසී ඇත.‍එත් සේපාලට ඇදෙන් නැගිටිමට හිත දුන්නේ නැත.

අටේ.. බස් එකත් ගියා..........තාම නැගිට්ටේ නැද්ද.....................

අමාරැවෙන් කන්ද නගින ලංගම බස් රථයේ හඩ අතුරින් අම්මාගේ හඩ මතුවිණි. ඊට පුතිචාර දක්වනවා වෙනුවට ඔහු කලේ ඇදේ අනෙක් අතට හැරීමයි.
අද කැම්පස් යන්නේ නැද්ද...........

නැවත අම්මා අසයි.
අද යන්නේ නෑ................ලෙක්චර්   නෑ..........

අම්මා ඊට වඩා දෙයක් ඇසුවෙ නැත. අම්මාට එය පුදුමයකට වඩා සතුටක් වන්නට ඇත.ඒ සේපාල ගෙදරට වඩා හිටියේ කැම්පස් එකේ නිසාය.
ඊයේ වන තෙක් ශිෂ්‍ය ව්‍යාපාරය තුල කියාකරිකයකුවු සේපාල කලක සිටම ඉන් ඉවත්වීමට සිතුවද,මත් කුඩු ගැසීමට ඇබ්බැහි වුවෙකු,එය අතහැරීමට නොහැකිවා සේම ඔහුටද ඉන් ඉවත්වීමට නොහැකි විය.එත් දැන් ඉවත් වීමට කාලය එලබී ඇත.වෙනදා සුරවිමනක් ලෙස ඔහු දුටු සරසවිය අද ඔහු දකිනුයේ අපායක් ලෙසටය.තමන් සමග එකට සිටි මිතුරන් ඔහුට අද පෙනෙනුයේ යමපල්ලන් ලෙසය.

එදා සරසවිය තුල ඔහු වීරයෙක් විය.විරැද්ධ වාදින් සමග කල අරගලවලට ඔහු කර ඇරියේ නැත .ඉදිරියෙන්ම සිටියේය.එනිසා සේපාල වටා විශාල පිරිසක් එකතුවිය.නවක සිසුන්ට ඔහු වීරයෙක් විය ඒ නවක වදයට විරැද්ධව ඔහු හඩනැගු නිසා විය හැක.ඔහුට නිවස මතක් වුයේද නැත.මව පිය සහෝදරයින් ඔහුට මහ වදයක් විය.

උඹ කවද හරි විනාශවෙන්නේ ඔය සංගම් නිසා තමයි....................

අයියා දිනක් මොරගැසු හැටි ඔහුට සිහිවේ.එත් තමා වටා දිනෙන් දින එකතුවන පිරිස දකින විට,ඔහු ඒ වචන කනකටවත් ගත්තේනැත.සේපාලට තම සොයුරා එදා පෙනුනේ තම දියුනුවා වැට බදින හතුරෙක් ලෙසයි.
ඇදේ සිටම තම මේසය දෙස බැලු සේපාලට පොත් පේලිය යටම ඇති කවරයේ ඇති විනය පරිකෂණ හා පොලිස් පැමිනිලි මිටිය දෙස නෙත යොමු වුයේ නිතැතිනි.

කවදා ඉවරයක් වේද........................

ඔහු ඔහුටම කියා ගත්තේය.
ඊයේ සිදුවීම ඔහුගේ සිත නැවත පෙලන්නට විණි.නොකර වැරදි ඔහු පිට පැටවී ඇත.සමාජය ඔහු වැරදිකරැවකු කර ඇත.

උඹ මොනවද කරේ......................
උඹ අපි කෑව.......................
උඹ අපි පාවා දුන්න...................
උඹ අපි විනශකලා.................

තම සගයන්ගෙන් එකපිට එක නැගුන චොදනා ගර්ජන හමුවේ සේපාල අසරණ වුණි.ඔහු වෙනුවෙන් කිසිවකු කතා කරේ නැත.ඊර්ෂයාව හමුවේ සත්‍යය යටගොස් ඇත.

මම ඒවා කලේ නෑ...........................

සේපාලට කැගැසුනි.එහෙත් ඒ කැගැසීම ඇසෙන තෙක්මානයේ කිසිවකු නොවීය.අම්මා ලිද ලගය.
ඒ සේරම බොරැ...එත් මම කො‍හොමද ඔප්පු කරන්නේ.මට සකෂි නැ................ 
සේපාල මිතුරන්ට කිවේ බයාදුලෙසය.
ඇත්ත දන්න අයත් කතාකරන්නේ නැ..............උන් දෙපැත්තම ෂේප්කරගන්න හදන්නේ......මම උන් විස්වාසකරා වැඩියි.ඔහු තමාටම දෙස් දෙවොල් තියාගන්නට විය.
සේපාල තම ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් කැපවීමෙන්වැඩ කල අයෙකි.ඔහුගේ එකම අරමුන වුයේ තම කණ්ඩායම අඩියක් හෝ ඉදිරියට ගෙනයාමයි.ඒ සදහා ඔහුට දේශපාලන සහයද හොදින් ලැබුනි.ඔහුගේ කැපවීම අවංක කම.දෙශපාලන කේෂතය තුල ඔහු ඉදිරියට ගෙනයාමට හේතුවිය.මැති ඇමතිවරැ නිතර ඔහු සොයා පැමිණියේය සේපාලගේ කෙටිකාලීන දියුනුව වහකදුරැ වු පිරිසක් තමා සමග සිටින බව බව ඔහු නොදැන සිටියා නොවේ.ඔහු ඔවුන් ගැනසිතුවේයද නැත.

ඕකා කරන්නේ කොල්ලෝ ක‍ඩේ ගෙනියන එක.................
අපි ක‍ඩේ ගෙනිහින් ඔකා ‍ජොබ් ගනියි.....................

ඔවුන් නිතරම කියවුයේය.සේපාල ඒවා ගනන් ගත්තේද නැත.එහුට ඔනවුනේ වැඩකිරිමටය.නමුත් වුයේ සේපාලට විරැද්ව කණ්ඩායමක් බිහිවීමයි.

කල දෙයක් නෑ............
දැන් උඹ අයින්වෙන්න ඕන.......................

ඔවුන් කැගසන්නට විය.සේපාල වෙනුවෙන් කතාකිරිමට පවා කෙනෙක් නොවීය.තම හොදම මිතුරන් පවා දැන් තමා මග අරින බව සේපාලට ‍තේරැණි.

හුම්.......................
දැන් අයින් වෙන්න කලය ඇවිත් ............සේපාල තමන්ටම කියාගත්තේය.
තමා කල කී දේ පාරාවලල්ලක් වී අද තමා පසුපස හබාඑන බව සේපාලට වැටහුනි.තම කණ්ඩායම වෙනුවෙන් විරැද්වාදින් සති ගණන් හිරගෙවල්වල දැමු හැටි, විරැද්වාදින් පන්ති තහනම්කල හැටි ඔහුට එක පෙලටසිහිවේ. ඒ මරණාසන්න රොගියකු චුති චිත්තය දකිනා සේය.එද ඒවාට අනුබල දුන් අය අද නැත.සේපාල නැවත කල්පනා ලෝකයට වැටුනි.

මම කල පව් මටම පලදෙනවා.................ඔහු ඔහුටම කියාගත්තේය.

දහයත් පහුවෙලා.සේපාලට බඩගින්න දැනුනේද නැත.අම්මා එන්න කලින් නැගිටින්න ඔනේ ඔහුට සිතුනි.ඔහු මුණ සේදීමට ලිද ලගට ගියේය.වැහිබීරම නිසා පරිසරයේ ඇත්තේදැඩි මුසල බවකි.ලිං බැම්ම මත සිටි පොල්කිච්චකු පියඹාගියේය.

ච්ක් දවසම ඉවරයි.........උදේ පන්දරින්ම දැක්කේ මු නේ.......ඔහු තමන්ටම කියාගත්තේය.

මම තාම පරක්කුනැ......වැඩකලොත් ක්ලාස් එකකට යන්න පුලුවන්.සේරම අමතකකරල දාල...ලෙක්චර් යන්න ඔනේ.සේපාල සිත දැඩිකරගත්තේය.

කප්පිය දිගේ පහලට ගිය පනිට්ටුව.ලිං ජල තලය මත ජබොස් හඩ නංවා  වැටුනි.

 පුතා...........      පුතා................... ඒ අම්මා ගේ කටහඩයි.
ඇයි? සේපාල වතුර පනිට්ටුව උඩට අදින ගමන් ඇසීය.
පොඩ්ඩක් එන්න............................................ අම්මා කලබලයෙන් මෙනි.
හදිස්සියක් වගේ සේපාල දිව ගියේය.
නිවස ඉදිරිපිට නවතා තිබු පොලිස් ජීප් රිය දුටු සේපාලගේ කකුල් හිරිවැටී ගියේය.අම්මා ගොලුවෙලාය ඇගේ දෙනෙතෙහි වු භීතිය සේපාල යාන්තමට දුටුවේය .
තමුසේද සේපාල සමරසිංහ කියන්නේ...............
ඔව් සර්.....          ඇයි?.........
නැගපං මිනිහො ජීප් එකට,ගියාම කියල දෙන්නම් ඇයි කියල...................
සැරයන් වරයෙක් සේපාලගේ උරහිසින් අල්ලා ගත්තේය.
අම්මාගේ දැසේ කදුලු ඉකිබිදුමක් බවට පත්වනු සේපාලට ඇසුනි.
අම්මේ.................................... සේපාලගේ හඩ ජිප්රිය සමග ඇතට ඇදිගියේය.

                                                     නිමි.

.ලි-
සේපාල සමරසිංහ යනු මගේ සිතේ ඇතිවු මනංකල්පිත මිනිසෙකි. එහෙත් මෙම සිදුවීම අතිතයේ වර්තමානයේ සහ අනාගතයේ කුමන ශිෂ්‍ය කණ්ඩායමක වුවද සිටින සැබැ ශිෂය කියාකරිකයකුගේ යථාර්තයයි.
                           sww