Saturday, June 23, 2012

හිත පාරවා..........

හිත පාරවා...
නුඹ දුරගියා
නෙත කදුලැලි දරා...
හිත ලැතැවුනා
ඒ පැතු පැතුම්
අද බොද වෙලා....
මා හිත හොරෙන්
නුඹ ගෙන ගියා...






Wednesday, June 13, 2012

මිරිගුව....

දිගන්තයයි නුඹ
නෙතු මානයට ලංවුවද
කෂිතිජයයි නුඹ
කිසි දිනෙක ලංවිය නොහැකි
මිරිගුවයි නුඹ
මා සිත විඩා පත්කරන
මගේ සිහින මලයි නුඹ
අන් සතු අරණක පිපුන...





Tuesday, June 12, 2012

අපේ ඒ අතීතය.....

විටක සිහිනයකි මුව අගින් ගලා යන.
විටක කදුලකි නෙතු අගින් කඩා හැලෙන.
විටක සුසුමකි හද ලැතැවුල් මවන.
විටක සිහිනෙකි රෑ පුරා සිත සනහන
අමතක කලත් අමතක නොවන
අපේ ඒ අතීතය.....





Sunday, May 27, 2012

පෙම් දම්.....

පෙම් දමි හදින් රැගෙන 
මිතුදමි ලෙසිනි පැමිණ
මා සිත හොරෙන් රැගෙන
නුඹ පැමිනියා හද‍ට..............

කදුලැලි නෙතින් ගලන
සගවා ඇතත් ලොවට
නුඹ දුන් තැවුල් රැගෙන
හිත හඩනවා තවම.....





Saturday, May 19, 2012

සද එලිය මගෙ තනිකම මකාලු..............


lකදුලු අරන් එන්න එපා 
අයෙත්මගෙ හද අරණට
මෙ තනිකම පුරුදුයි මට
නුඹ නැතිවට මගෙ ලෝකෙට.


සද දිය රැලි මත පතිතව
මගේ ලොකෙට එලිය දේවි....
නූඹ නැතිවට මගෙ ලෝකෙට
සද තරු මට තනි රකීවි.....


Add caption







Monday, April 30, 2012

හීන අරන්...


හීන සිත්තම් අරන් ඇවිදින්..
රෑ පුරා සිත් අහසට,
නෙත් කොනට කදුලු දී නුඹ,
උදැසනම යන්න ගිහින්.

සිත හීනියට ඉකි ගසයි
මේ කදුලු නුඹ වෙනුවෙන්මයි
නුඹ තවම මගෙ ලොවයි
අන්සතු මලක් උනත්